27 April 2024
#දේශීය

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් අද විශ්‍රාම යයි

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද(12) විශ්‍රාම ගැනීමට නියමිතව ඇත. මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා ධූරයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස 02 වන දිනයේදිය.

ප්‍රියසාද් ඩෙප් මහතා අධිකරණ සේවය තුළ වසර හතලියකට වැඩි කාලයක් සේවයේ යෙදී තිබේ.

ඔහු 2011 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් වුණි. මේ අතර අද නව අගවිනිසුරුවරයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (12දා) විශ්‍රාම යෑමට නියමිත අතර ඉන් පුරප්පාඩුවන අගවිනිසුරු ධුරයට නලින් පෙරේරා මහතාගේ නම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනා කොට ව්‍යවස්ථාදායක සභාව වෙත යවා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ 45 වැනි අගවිනිසුරුවරයා ලෙස මෙලෙස ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇති නලින් පෙරේරා මහතා මහේස්ත්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී ක්‍රමානුකූලව උසස්වීම් ලැබ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *