27 April 2024
#දේශීය

අද දේශපාලඥයෝ ප්‍රාථමික ගැටළු මිස ජනතාවගේ දැවෙන ගැටළු ගැන කතා කරන්නේ නැහැ – ඇමැති රවි කියයි

නව වසරක් උදාවෙන අවස්ථාවේ අපි සියළු භේද ඉවත දාලා එකමුතු වී වැඩ කළ යුතු බවත් අද දේශපාලඥයෝ ජාතික ප්‍රශ්න ගැන කතා නොකර ප්‍රාථමික ගැටළු ගැන කතා කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ 13, ලුණුපොකුණ, 17 වන පටුමග ගල්වල ක්‍රීඩාංගනයේදී පැවති අඩු ආදායම්ලාභි පාසල් දරුදැරියන්ට අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමින්.

එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුදැරියන් 1000කට පමණ අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ ලබාදීම මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

එහිදී අදහස් දක්වමින් අමත්‍යවරයා කියා සිටියේ ජාතික මට්ටමේ දේශපාලඥයෝ තමන්ගේ පාර, පාලම ගැන කතා කරනවා මිසක් මේ හෙට දින රට භාර ගන්න ඉන්න අපේ දරුවො ගැන, අධ්‍යාපනය ගැන, රැකියා ගැටළු ගැන, ජනතාවගේ දැවෙන යටිතල පහසුකම් ගැටළු ගැන කතා නොකරන බවයි. එසේම අද විදුලිය තිබුණට තවත් වසර 2ක් 3ක් යද්දි ඒ ක්ෂේත්‍රයේ ඇතිවිය හැකි අඩුපාඩු ගැන කතා නොකරන්නේද , වැඩ කරන දේශපාලඥයන්ටත් අද වැඩ කරන්න බැරි තත්ත්වයක් ඇතිවී තිබෙන බව හෙතෙම පැවසයි.

ඊර්ෂ්‍යාවෙන් පෙලෙන සමාජයක් බවට අද සමාජය පරිවර්ථනය වී ඇති බවත් බලය තියෙද්දි එක විදියක් බව ද හෙතෙම කියා සිටියේය. බලය නැතිදාට තවත් විදියක් වශයෙන් ද මේ වැනි දේවල් වෙනස් කරලා මනුෂ්‍ය භාවයෙන් යුත් පාලනයක් ඇති කල යුතු බවත් ජනතා ගැටළු ගැන කතා කරන, වැඩ කරන දේශපාලඥයෝ තමයි අද බිහිවිය යුත්තේ යැයි අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *