බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් අද පස්වරු 1 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී
මීට අමතරව මධ්‍යම සබරගමුව උතුරු මැද සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල මාතර වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි














