27 April 2024
#දේශීය

අද පාර්ලිමේන්තුව යළි රැස්වෙයි …. ආණ්ඩු පක්ෂය එයිද? එජාපය …?

පාර්ලිමේන්තුව අද (27) යළිත් පස්වරු 1ට රැස්වීමට නියමිතයි. අද (27) දිනයේදීත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි තීරණය කර තිබේ.

මෙවර ද පාර්ලිමේන්තු ගැලරියට ඇතුලුවීමට අවසර හිමිවන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.

එසේම, අද දිනයේදී පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව විකාශය කිරීමට මාධ්‍යයට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත්, අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබදව තීරණය කරනු ලබන්නේ දහවල් පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේන් අනතුරුව තීරණය වන බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය. ඔහු මේ බව පැවසුවේ ඊයේ ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. රට තුළ හටගෙන ඇති දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක කර්මාන්තය කඩා වැටීම පිළිබදව එම කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *