27 April 2024
#විදෙස්

  අනතුරට පත් ඉතියෝපියා ගුවන් යානයේ ගමන් ගත් සියළු දෙනා මිය ගොස්

 

පසුගියදා අනතුරට පත් ඉතියෝපියා ගුවන් යානයේ සිටි සියලුදෙනා මියගොස් ඇති බවට එරට රජය නිල වශයෙන් ප‍්‍රකාශ කර තිබේත. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ අඩිස්අබාබා ගුවන් තොටුපලේ සිට කෙන්යාවේ නයිරෝබි බලා ගමන් ආරම්භ කළ එම යානයේ මඟීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 08 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි.

එහි කෙන්යා ජාතියන් 32 ක්ද, කැනඩා ජාතිකයන් 18 ක්ද, ඇමරිකා ජාතිකයන් 8 දෙනෙකු සහ බ්‍රිතාන්‍යයන් 7 දෙනෙකු ඊට අයත්ය. අනතුරට හේතුව මෙතෙක් හෙළිව නොමැති අතර ගුවන් නියමුවා යානය ගමන් කරවීමට අපහසු බව පවසමින් යළි අඩිස්අබාබා වෙත පියසර කිරිමට ඉල්ලීමක් කළ බව ගුවන් සේවය ප‍්‍රකාශ කර බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *