27 April 2024
#දේශීය

අපි බය නෑ .. ඡන්දෙදි තුරුම්පු දානවා – නලින් බණ්ඩාර කියයි

මැතිවරණයකට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පෙරමුණේ පක්ෂ කිසිදු බියක් නොමැති බවත් එජාපයේ තුරුම්පු මැතිවරණය ආරම්භයේදී ඉදිරිපත් කිරීම පක්ෂයේ අභිලාශය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

අද (26) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එම තුරුම්පු කෙබදු ආකාරයේ ඒවා දැයි දැන්ම හෙළිකොට ඒ සඳහා ඊනියා ජනාධිපති හා අගමැතිව සූදානම් කරන්නට බලාපොරොත්තු නොවන බවයි.

යහපාලන රජයේ සියලූ වැරදිවලට වගකිව යුත්තා රනිල් වික්‍රමසිංහ මහතා බවත් සිරිසේන ජනාධිපතිවරයා විසින් විදෙස් මාධ්‍යයකට පවසා ඇති අතර තමාහට නීතිගරුකව හා සාධාරණව ක්‍රියා කිරීමට නොහැකි වූයේ එජාපය නිසා බවද හෙතෙම පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ” අද ද්‍රවිඩ ඊලාම් කාරයෝ යාපනයේ සරසවියේ කේක් කපා ඊලාම් සමරුව ජයටම සමරනු ලැබුවා. ඔක්තෝබර් 26 දිනට කලින් මේ සිදුවීමල සිදුවූයේ නම් අද උදය ගම්මන්පිලලා, විමල් වීරවංශලා කටවල් උල්කරගෙන අපේ රජය පතුරු ගහන අන්දම දැක බලාගන්නට තිබුණා. පසුගිය කාලයේ ක්‍රිකට් තරඟ සියල්ලම වාගේ ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. ඒ කාල වකවානුවල ඇමතිකම් දැරුවේ දයාසිරි ජයසේකර හා ෆයිසර් මුස්තාපායිග ජනාධිපතිගේ ගෝලයෝග දැන් සිංගප්පූරු ගිවිසුම ගැන කියන්නේ මොනවාද? ඒකේ වරදක් නැති බව මුදල් ඇමතිකම නොලැබුණු ආර්ථික ඔස්තාද් බන්දුල ගුණවර්ධන කියනවා දැන් ඒ එකේ අය කියන්නේ මොකක්ද? ඩොලරයේ අගය අද කීයද ? පවතින සිදුවන හැම කාරණයකදීම ඊනියා ව්‍යාජ ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය කරනවාග මාසයකට ආසන්න කාලයක් තුලදි රටේ ජනතාවට මේ තත්වය අවබෝධ කරදීමට හැකියාව ලබාදීම ගැන අපි මහින්ද – සිරිසේන දෙදෙනාට ස්තුති වන්ත වෙනවා.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *