27 April 2024
#දේශීය

අපි ළඟත් තුරුම්පු තියෙනවා … ජනාධිපතිවරණයක් තියන්න – රවුෆ් හකීම් කියයි

ගොඩ පෙරකදෝරුවන්ගෙන් අහලා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ජනාධිපතිවරයා දැන් දඟලන බව මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි. අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ රැළිය අමතමින් ඒ මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පවත්වන්න ලෙසයි.

තම කණ්ඩායම සතුව තුරුම්පු ඇති බවත් ජනාධිපතිවරණයට මෛත්‍රිපාල ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස අභියෝග කළ සිටියේය.

එසේම තමා ඇතුළුව රිෂාඩ් බදුර්දින් බිලි බා ගැනීමට හැකියාව නොහැකි වු බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට තමා ඇතුළු කණ්ඩායමට හැකි වු බව හකීම් මහතා පැවසිය. 

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බවයි හෙතෙම කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *