27 April 2024
#ව්‍යාපාර

අභ්‍යන්තර ගුවන් ගමන් ඉතා සහනදායී මිලකට ලඟදීම – රාජ්‍ය අමාත්‍ය අශෝක්

මගී ජනයාගේ තවමත් අවධානයට ලක්ව නොමැති අභ්‍යන්තර ගුවන් ගමන් සේවය ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් ඉහල කලමණාකාරීත්වය දැනුවත් කර ලාබදායී අභ්‍යන්තර ගුවන් ගමන් සේවයක් රට තුල ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින්.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් මුණගැසුනු අමාත්‍යවරයා ඉන් පසු ගුවන් තොටුපල වෙත ගොස් එහි සියලු අංශ නිරීක්ෂණය කරමින් එහි ඇති ගැටලු පිළිබඳව සොයා බලමින් සියලුම නිලධාරීන් කැඳවමින් ආයතනයේ තත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම සිදු කලේය.

ලාබදායී අභ්‍යන්තර ගුවන් ගමන් සේවයක් රට තුල ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය සියලු සාධක රට තුල ඇති අතර අප තවමත් කල්මැරීම සිදු නොකොට හැකි ඉක්මණින් එය ආරම්භ කිරීමට කටයුතු කර මේ සඳහා ජනතා ආකර්ෂණය ලබා ගත හැකි පියවර ගන්නා ලෙසයි.

ගුවන් තොටුපලේ වත්මන් සභාපති ධම්මික රණතුංග මහතා සහ උප සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා ඇතුලු අනෙකුත් රාජ්‍ය නිලධාරීන් ද ඒ සඳහා සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *