• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

14 May 2021
in දේශීය

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද (14) දිනයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙම තත්වය හේතුවෙන් දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40ත් 50ත් දක්වා වැඩිවිය හැකි බවත් විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.

එම නිවේදනයට අනුව දිවයින පුරා අහස වලාකුලින් බරව පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

පසුගිය පැය විසි හතරත කාලය තුළ දිවයිනේ බොහෝ පළාත්වලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර කලු, කැලණී, නිල්වලා, ගිං, අත්තනගලු ඔය සහ මා ඔය යන ගංගා පිටාර ගැලීම සිදුවෙමින් පවතින අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම,දොඩංගොඩ, ඉංගිරිය සහ බුලත්සිංහල සහ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාප වල ජීවත් වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත.

තව දුරටත් වර්ෂාව පැවතුනහොත් නායයාම් අවදානම් කදුකර ප්‍රදේශවල නායයාම, පස්කන්ඩි කඩාවැටීම, පහත් බිම් සහ ගංවතුර අවදානම් ප්‍රදේශවලට ගංවතුර අවදානම ඇතිවිය හැකි හානි අවම කර ගැනීම සහ අකුණු අනතරු අවම කර ගැනීම සදහා කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතුය.

විශේෂයෙන්ම පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙසත් ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

Post Views: 6
Previous Post

පිළියන්දල සහ කැස්බෑවේ මරණ සංඛ්‍යාව ඉහළ යාහැකියි – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

Next Post

ආණ්ඩුව ගොවියෝ වෙළෙන්දෝ අමාරුවේ දැමු බව මන්ත්‍රීනී රෝහිණී කියයි

editor

editor

Next Post

ආණ්ඩුව ගොවියෝ වෙළෙන්දෝ අමාරුවේ දැමු බව මන්ත්‍රීනී රෝහිණී කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved