27 April 2024
#දේශීය

ආණ්ඩුව ගොවියෝ වෙළෙන්දෝ අමාරුවේ දැමු බව මන්ත්‍රීනී රෝහිණී කියයි

ආණ්ඩුව ගොවීන්ට එළවළු පළතුරු දඹුල්ලේ තොග පොළට අරගෙන එන්න යැයි කියා ගොවින් අමාරුවේ දැමූ බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

මන්ත්‍රීවරිය මාධ්‍ය වෙත පවසා සිටියේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන එන ලෙස ගොවීන්ට දැන්වු නමුත් අද කිසිදු ව්‍යාපාරිකයෙකුට දඹුල්ලට පැමිණ නැතැ බවත් එළවළු කිලෝ ලක්ෂ 26 ක් අද දිනයේ දඹුල්ලට රැගෙන විත් තිබෙන බවයි.

මේ ආණ්ඩුවට මාතලේ දිස්ත්‍රිකයේ එළවළු අස්වැන්න ජනතාවට බෙදා ගන්න කිසිම වැඩ පිළිවෙලක් නොමැති බවත් ‘ඇඳිරි නීතිය‘ වචනය කියන්නේ නැතිව ගොවියෝ අන්දමන්ද කර දැමු බව ඇය අවධානය කලේය.

දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ මිල වෙනස් කරන්නට අර්බුදයක් ඇති කරන්නට දේශපාලඥයෙක් හා ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් ලබාගෙන සිටින අතර ගොවියෝ එළවළු රැගෙන ආ පසුව ඒවා ගොඩ ගහලා ප්‍රවාහන බාධක පැනවූවේ රටේ ආහාර හිඟයක් ඇති කරලා දැවැන්ත ලාබයක් ලබන්න බව ඇය අනාවරණ කලේය.

රජය වහාම මේ එළවළු අස්වැන්න මිලදී ගෙන පිටපලාත්වලට බෙදා හැරීම ඇරඹිය යුතු බවත් මිනිස්සුන්ට කන්නට තියෙන එළවළු ටික විනාශවී යාම වලක්වා ගත යුතු බව මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *