27 April 2024
#දේශීය

අවාසනාවන්ත කාලය ඉවරයි …. ! අගමැති රනිල් කියයි

පසුගිය සති කිහිප තුළ ඇති වු අවාසනාවන්ත කාලය අවසන් බවත් ඉදිරියේදී ජනතාවගේ ජිවන මට්ටම ඉහල නැංවීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාතවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ පලමුව රටේ සාමාන්‍ය තත්ත්වක් ඇති කරන බවයි.

පසුගිය දිනවල පිඩාවට පත් වු සියළු දෙනාම සාමාන්‍ය තත්ත්වයට පත් කරන බවයි. එසේම රටේ අධිකරණය විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කළ බවත් හෙතෙම පැවසිය. නතර වු සංවර්ධන කටයුතු යළි සක්‍රිය කිරීමට ද කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *