27 April 2024
#ක්‍රීඩා

අවුරුදු හතේ ඔස්ට්‍රේලියා නායකයා අද තරඟ බිමට 

හදවත් රෝගයකින් පෙළෙන සිටින ඕස්ට්‍රේලියානු හත් හැවිරිදි ආකි ස්චිලර් විසින් අද දින ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පිටියේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සම නායකයා ලෙස කටයුතු කරනු ඇත.

ආකිගේ සිහිනය වී තිබුණේ කෙදිනක හෝ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමයි. ඒ අනුව ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ඔහුගේ සිහිනය අද යථාර්තකයක් බවට පත්කළේය. තරගයේ කාසියේ වාසිය දැමීමේ අවස්ථාවට ඔහු ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සම නායකයා ලෙසින් එක්විය.

ඉන්දීය නායක විරාත් කෝලි කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *