27 April 2024
#දේශීය

අසනීප නිසා ගෝඨාගේ නඩුව කල්යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට දුන් කාලය ලබන මස 24 දක්වා දීර්ඝ කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (19) නියෝග කර තිබේ.

ඒ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 33යි දශම 9ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව කැදවූ අවස්ථාවේදීයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ පසුගිය මැයි මස 31 වනදා සිංගප්පූරුවේ රෝහලකදී තම සේවාදායකයාට හෘද සැත්කමක් සිදුකර ඇති බවත් පසුගිය 09 වනදා ඔහු එම රෝහලෙන් නික්ම ගොස් ඇති බවත් සති 06ක කාලයක් පුනරුත්ථාපන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නිර්දේශ කර ඇති බවත්ය.

ඒ අනුව මෙම නඩුව කල් දමන ලෙස නීතිඥවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විරුද්ධත්වයක් ප්‍රකාශ නොකළ අතර ඒ අනුව මෙම නඩු විභාගය ලබන මස 26 වනදා දක්වා කල් තැබීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේය.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතයෙකු අප වෙත කියා සිටියේ මේ වන විට ඔහුගේ ශරීර තත්ත්වය යහපත්ව ඇති බවයි. 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *