පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පදනම් කර ගනිමින් උන්වහන්සේ දරන නුවර කළාපයේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට මල්වතු මහා විහාරීය ගරු කාරක මහා සංඝ සභාව තීරණය කර ඇති බව දැක්වෙන නිවේදනයේ සඳහන් වේ.එම නිවේදනයට අනුව, අදාළ අධිකරණ කටයුතු අවසන් වී අවසන් තීරණයක් ලැබෙන තෙක් මෙම පදවිය අත්හිටුවීමට පියවර ගෙන ඇත. තවද, අවස්ථානා කමිටුවේ තීරණය පරිදි රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය තවලම ධම්මින්ද ස්වාමීන් වහන්සේ තාවකාලිකව අවස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කර ඇති බවද එම නිවේදනය තහවුරු කරයි. මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වය මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව උවිදු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුම හරහා පෙන්වා දී තිබේ.















