27 April 2024
#දේශීය

ආණ්ඩුවේ හා ජවිපේ විවාහය අවලංගුයි

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට ආණ්ඩුවේ කිසිදු ක‍්‍රියාවකට සහයෝගය දීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

2015 සිදුකල ආකාරයෙන් ඉදිරියේදී ආණ්ඩුවේ අපේක්ෂකයෙකුට අනියමින් හෝ සහය පල කිරීමට ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට නොහැකි වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (11) පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

පසුගිය වසර හතරහමාරක කාලය තුල ආණ්ඩුව රැකගැනීමට උරදුන් සෑම පාර්ශවයක්ම ආණ්ඩුවට එරෙහි මාවතකට ගෙනඒමට හැකිවීම පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණයක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුව අපහසුතාවයන්ට පත්වූ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට සහය වූ අතර දින පනස් දෙකේ මහින්ද රාජපක්ෂ රජය කාලය තුල ඔවුන්ගේ හැසිරීම ඊට හොදම උදාහරණයක් බව මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම මහතා පෙන්වා දුන්නේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *