27 April 2024
#දේශීය

ආණ්ඩු කචල් මැද නිල ඇඳුම්, පෙළ පොත් බෙදා හැරීමත් නතර වෙයි

සියළු පාසල් සඳහා පෙළ පොත් මෙන්ම පාසල් නිල ඇඳුම් දෙසැම්බර් වාර අවසාන නිවාඩුවට පෙර නොමිලේ ලබා දීම නිදහස් අධ්‍යාපනය මෙරටට හිමි වු පසු මේ වන විටත් අඛණ්ඩව සිදු වු නමුත් මේ වන විට රටේ ඇතිව තිබෙන දේශපාලන අස්ථාවරතාවයත් සමඟ එය මේ වන විට නතර වී ඇති බව එජාප මහලේකම්, අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අප කළ විමසීමකදී ඒ් මහතා කියා සිටියේ මේ වන විට මහින්ද ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් නිල ඇඳුම් වවුචර් පත් නොදීමටත් ඒ් වෙනුවෙන් නිල ඇඳුම් ලබා දීමට තීරණය වී ඇති බවට කළ විමසීමකදීය.

ඒ් සම්බන්ධයෙන් කාරියවසම් මහතා කියා සිටියේ මෙය කෙසේවත් සිදු කිරීමට ඉඩ ලබා දිය නොදිය යුතු බවයි. මේ වන විට නිල ඇඳුම් සඳහා අදාළ වවුචර්පත් මුද්‍රණයේ කොට අවසන් වන අතර ඒහි අවසාන අදියර වන එය දරුවන්ට ලබා දීම පමණක් ඉතිරිව ඇති බව ඔහු කියා සිටියේය. අදාළ නිල ඇඳුම් ලබා දීමට මේ කාලය තුළ ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකල හැකි බවත් ඒ් සඳහා ද යම් කාලයක් වැය වන බව ඔහු කියා සිටියේය.

තමා අමාත්‍යවරයා වශයෙන් පණිවිඩය සඳහන් කළ පෙල පොත් බෙදා හැරීම පවා මේ වන විට නතර කර ඇති බව දැනගන්නට ඇති බව කාරියවසම් මහතා අප වෙත කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *