27 April 2024
#දේශීය

බහුතරයක් අවශ්‍ය නෑ – ජනපතිගෙන් කථානායකවරයාට ලිපියක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී හා එය පාර්ලිමේන්තුවේදී එය සම්මත කර ගෙන ඇති ආකාරය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුව සිදු වි නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් අද දිනයේදී කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ අද දින පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා විසින් විශ්වාසභංග යෝජනාව සම්මත කළ ආකාරය නිවැරදි නොවන බවයි.

අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසය දිනු පුද්ගලයාව පත් කිරීමට විධිවිධාන ඇති නමුත් ආණ්ඩුවට හෝ අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වීමට අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා සිය ලිපිය මගීන් දන්වා තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *