27 April 2024
#දේශීය

ආරක්ෂක අමාත්‍යාංශයේ වැටුප් කප්පාදුවක් නෑ – ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්

සන්නද්ධ හමුදාවන්ගෙන් සහ පොලීසියෙන් දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් නියෝගයක් නිකුත් කර ඇති බවට පලවන වාර්තා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න  ප්‍රතික්ෂේප කරයි.

 මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්  විශ්‍රාමික  මේජර් ජෙනරාල් ගුණරත්න පවසා ඇත්තේ  අදාළ ඉල්ලීම සොල්දාදුවන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා අදාළ නොවන බවයි.

කොවිඩ් වසංගතය හමුවේ ඇති වූ ආර්ථික අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා රජයට දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂකදෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නොවන බවත් ඔහු පවසයි.

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති  මුල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා පසුගිය සතියේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹු හා අනත්දරු විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *