• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්න – අගමැති උපදෙස් දුන් බව ඇමැති වජිර කියයි

23 April 2019
in දේශීය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව සියලුම දිසාපතිවරුන්ට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කමිටු කැඳවා වහාම ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගාල්ල දිස්ත්‍රික් ආරක්ෂක කමිටුව ඊයේ (22) උදෑසන රැස්වූ අවස්ථාවේ දී ය.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ”අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව හැකි ඉක්මණින් දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කමිටු කැඳවා පොලීසිය, ත්‍රිවිධ අහමුදාව සහ දේශපාලන අධිකාරිය වගේම ආගමික නායකයන් සමග එක්ව අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ගන්නා ලෙස සියලුම දිසාපතිවරුන්ට උපදෙස් දුන්නා. ඒ අනුව 21 වන දිනයේ දී ම සියලුම දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කමිටු රැස්වී දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. 22 වන දින නැවත ආරක්ෂක කමිටු රැස්වනවා. දිස්ත්‍රික් ලේකම්වරු ආරක්ෂක කමිටු කැඳවා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන දැනටමත් වාර්තාවක් සකස් කරලා ලබා දී තිබෙනවා. පොලිසියටත් ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සහයෝගය නිලධාරීන්ගේ පැත්තෙන් වගේම, ආගමික නායකයන්ගේ පැත්තෙන්, සිවිල් පුරවැසියන්ගේ පැත්තෙන් ලබාදිය යුතුව තිබෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න නිලාධාරීන්ටත් මෙහි දී විශේෂ වගකීමක් තිබෙනවා. ආරක්ෂාව ලබාදිය යුතු ස්ථාන සහ ආරක්ෂක නිලධෘරීන් වඩාත්ම විමසිල්ලෙන් සිටිය යුතු ස්ථාන ගැන දන්නේ ක්ෂේත්‍රයේ ඉන්න ගමේ අය. මේ නිසා අපි කලින් ක්‍රියාත්මක වූ සැළැස්ම අනුව ක්‍රියාත්මක වීම සිදුකළ යුතුයි. ආරක්ෂක කමිටුවේ සියලු දෙනා නිසි ක්‍රියාමාර්ග ගනිමින් මතුවට ප්‍රශ්න ඇතිවීම වළක්වාගත යුතුයි. රාජ්‍ය සේවය අද නිවාඩු දිනයක් නොකළේ ඇඳිරිනීිතියෙන් පසුවත් රාජ්‍ය නිලධාරීන් රටේ සාමාන්‍ය කටයුතු කරගෙන යා යුතුව තිබෙනවා. ඒ නිසා ඔවුන් හැකි ආකාරයෙන් කාර්යාලවලට ඇවිත් අඩුම ගණනේ පැයක් දෙකක් හෝ හැකි අයුරින් ක්‍රියාත්මක වීම වැදගත්. ඒ සමස්ථ යාන්ත්‍රණය නවත්තන්න බැහැ. තම රාජකාරී ඉටු කළ යුතුයි. ” යැයි අමාත්‍යවරයා පැවසිය.

 

Post Views: 6
Previous Post

මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළට – පොලිසිය

Next Post

පළමු පාසල් නිවාඩුව අප්‍රේල් 28 තෙක් දීර්ඝ කෙරේ

editor

editor

Next Post

පළමු පාසල් නිවාඩුව අප්‍රේල් 28 තෙක් දීර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved