27 April 2024
#දේශීය

ආර්ථික ප්‍රශ්ණ නිසා ජනතාව ඉන්නේ දැඩි මානසික පිඩනයකින් – කුමාරසිරි කියයි

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් පොදු ජනයා අද වන විට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ දැඩි මානසික පීඩනයකින් බව විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කොටපොල, වරල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්. එහිදී ඒ මහතා කියා සිටියේ මේ වන විට ජනතාව සිටින්නේ මානසික හා ශාරීරික ලෙස පිරිහී ගිය අසරණ මිනිසුන් බවට පත් වී ඇති බවයි.

රටේ පවතින අයහපත් දේශපාලන සංස්කෘතිය රටට අනාගතයක් අහිමි කර ඇති බවත් ,මෙය ඉක්මනින් වෙනස් කර රටට ගැලපෙන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට බුද්ධිමත් ජනතාව පෙරට ආ යුතු බවත් ,හෙතෙම පැවසීය .

එහිදී කුමාරසිරි මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” අද අප සිටින්නේ රට ම නන්නත්තාර වී ගිය කාලයක .ආරක්‍ෂාවක් කාටවත් නෑ .රටටත් එහෙමයි .ආර්ථික ප්‍රශ්න උග්‍රයි .ග්‍රාමීය ණය ගැති භාවය ඉහළ ගිහින් .ප්‍රශ්න වැලකින් ජනතාව වෙලී සිටිනවා .මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී සාමය සංහිඳියාව තිබුණා .ගෝඨාභය මහත්තය බැසිල් මහත්තය එදා වගකීම් බය නැතිව අර ගත් නිසා රටේ ඉදිරි ගමන ශක්තිමත් වුනා .පරයන්ට මහින්ද මහතා යටත් කර ගන්න බැරි වු නිසා එදා රටේ ස්වාධීනත්වය රැකුනා .රට ආරක්ෂා වී අනාගතයට ආලෝකය වැටුනා .මහින්ද රාජපක්‍ෂ මහත්තයට අප සදා ණය ගැති වන්නේ ඒ නිසා .එදා මිනිස්සුන්ගේ මුහුණු වල තිබුන සිනහව අද නෑ .බොහෝ දෙනාගේ දුක් බර හැඟීම් පේන්නෙ . “යහ පාලකයන් ” මහ බැංකුවට සිංගප්පූරුවෙ මිනිහෙක් දා ගත්තා .පත්වීම දෙනකොට ග්‍රාම සේවක සහතිකයවත් බැලුව නම් ඒ පත් වීම දෙන්න බෑ .ඒ නිසා රටේ ආර්ථිකයට වූ හානිය කියන්න බෑ .ලෝකය හමුවේ අභිමානවත් ව තිබුන රට අද අන්ත අසරණ වෙලා .යැයි කුමාරසිරි හෙට්ටිගේ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *