27 April 2024
#දේශීය

ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ඉවතට !

අද (28) සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්ද නිකුත්කර ඇත.

කොවිඩ්-19 වසංගත තත්ත්වය ව්‍යාප්තියක් පෙන්වීම හමුවේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ  පසුගිය මාර්තු මස 20 වනදා වන අතර ඉන් පසු අවස්ථා කිහිපයකදී ලිහිල් කෙරුණි.

පසුගිය 13 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණකි.

අද සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *