27 April 2024
#දේශීය

ඕමන්තයේ බස් රථ පෙරළි 13 කට තුවාලයි

ඕමන්ත, ඒ 09 මාර්ගයේ කිලෝ මිටර් 190 කණුව අසල වෙලන්කන්නි ප්‍රදේශයේදී කොළඹ සිට යාපනය දක්වා ධාවනය වු අධි සුඛෝපබෝගි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළි අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

අළුයම 3.45 පමන කොළඹ සිට යාපනය දක්වා බස් රථය ගමන් කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් අනතුරුදායක ලෙස පැමිණි කන්ටේනනර් රථයක් සමඟ ගැටීමට යාමේදී එම අනතුර වලක්වා ගැනීමට උත්සාහ කල බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලි අනතුරක් සිදුවී ඇත.

අනතුරින් බස් රථයේ ගමන් කල මගින් 13 ක් තුවාල ලබා ඕමන්ත රෝහලට ඇතුලත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *