27 April 2024
#දේශීය

ඇමති අශෝක්ගෙන් විශ්වවිද්‍යාල වරම් ලැබු දැරියකට අතහිත

කුරුණෑගල මල්කඩුවාව වතුයායේ ඉතා කුඩා පැල්පතක අනවසරයෙන් පදිංචිව සිටින ඉතා අසරණ පවුලක දැරියක් මෙවර උසස් පෙල විභාගයෙන් ඉහලින් සමත්ව විශ්ව විද්‍යාල වරම් ලැබූ පුවතක් මාධ්‍ය තුලින් ප්‍රචාරය වීමත් සමග ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සිය බිරිද විශාකා අබේසිංහ මහත්මිය සමගින් ඔවුන් මුණ ගැසීමට ගොස් තිබේ.

එහිදී ඔවුන්ගේ අසරණභාවය දුටු අමාත්‍යාවරයා එදිනෙදා තම වියදම් පිරිමසා ගැනීමට මූල්‍ය ආධාරයක් ලබාදුන් අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ කලදා සිට මසකට රුපියල් 5000 බැගින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමවනතුරු ලබා දෙන බවටද පොරොන්දු වී ඇත. එමෙන්ම තමා විසින් කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික දානපතීන් හා එක්ව ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය මගින් හෝ උදාගම් ව්‍යාපෘතිය මගින් හෝ නිවසක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එම දැරියට තව දුරටත් පොරොන්දු වී තිබේ.

මේ සිදුවීමෙන් අනතුරුව නිසංසලා දැරිය මාධ්‍යට පවසා ඇත්තේ එම සිද්ධිය තමන්ට හීනයක් මෙන් බවත්, අමාත්‍යවරයෙකු කිසි දිනක මෙවන් පැල්පතකට පැමිණ තමන්ට මෙලෙස උදව් කරාවියැයි නොසිතූ බවයි. එමෙන්ම තමා ඇතුලු පවුලේ සියලුම දෙනා අමාත්‍යවරයාට සහ එම මහත්මියට ස්තූතිවන්ත වන බව වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *