පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද (01) දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාත සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ඩොලරයක විකුණුම් මිල තවදුරටත් රුපියල් 340ක සීමාවට වඩා අඩු මට්ටමක පවතී.
අද දිනයේදී සෙලාන් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.25ක් සහ විකුණුම් මිල රුපියල් 337.00ක් ලෙස සටහන් වේ. එන්.ඩී.බී බැංකුව තුළ ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.00ක් සහ විකුණුම් මිල රුපියල් 335.00ක් ලෙස දැක්වේ. මහජන බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.50ක් සහ විකුණුම් මිල රුපියල් 335.74ක් ලෙස වාර්තා වේ.
වාණිජ බැංකුවෙහි ඩොලරයක ගැනුම් මිල රුපියල් 322.98ක් සහ විකුණුම් මිල රුපියල් 335.00ක් ලෙස දැක්වෙන අතර සම්පත් බැංකුවෙහි ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.50ක් සහ විකුණුම් මිල රුපියල් 335.50ක් ලෙස සටහන් වේ. පවතින වෙළඳපොළ තත්ත්වයන් අනුව මෙම අගයන් බැංකුවෙන් බැංකුවට සුළු වශයෙන් වෙනස් විය හැකි බව සලකන්න.
















