ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි (Giorgia Meloni) විසින් ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රමුඛ මැදපෙරදිග යුධමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක සහ රැඩිකල් තීරණයක් ගෙන ඇත. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචන මධ්‍යයේ වුවද, ඉරානයට එරෙහිව දියත් වන යුධ මෙහෙයුම් සඳහා ඉතාලිය කිසිසේත්ම සහභාගී නොවන බවත්, තම හමුදා කණ්ඩායම් මැදපෙරදිග කලාපයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවත් ඇය නිල වශයෙන් ප්‍රකාශ කළාය.
ඇය අවධාරණය කළේ ඉතාලිය “යුද්ධයකට සම්බන්ධ වී නැති අතර යුද්ධයකට ඇතුළු වීමට අදහසක් ද නොමැති” බවයි. විශේෂයෙන්ම ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර ජාත්‍යන්තර නීති රාමුවෙන් බැහැරව සිදුවන්නක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, 2006 වසරේ සිට ඊශ්‍රායලය සමඟ පවත්වාගෙන ගිය ආරක්ෂක ගිවිසුම (Defense Agreement) අලුත් කිරීම ද අත්හිටුවා තිබේ. ලෙබනනයේ සිටින ඉතාලි සාම සාධක හමුදාවන්ට එල්ල වන තර්ජන සහ ඉරානයේ සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර මෙලෝනිගේ මෙම දැඩි තීරණයට ප්‍රධාන හේතු වී ඇත. යුරෝපීය බලවතෙකු මෙලෙස ඇමරිකානු යුධ ප්‍රතිපත්තියෙන් සෘජුවම ඉවත් වීම ජාත්‍යන්තර දේශපාලනයේ දැවැන්ත පෙරළියක් ලෙස සැලකෙන අතර, ඇයගේ මෙම නිර්භීත ස්ථාවරය ලොව පුරා බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: al jazeera සහ wsj ඇසුරින්














