27 April 2024
#දේශීය

ඉන්දිය අගමැති, ජනපති හමුවෙයි

ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගැනීම අවශ්‍ය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති ද්වීපාර්ශවීය හමුවේදී සාකච්ඡා කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපතිවරයා අතර නිල හමුව අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ආචාර වෙඩිමුර සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් මහත් හරසරින් මෙම පිළිගැනීම සිදු විය.

ජනාධිපති කාර්යාලයේ පැවති අභිමානවත් පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති මන්දිරය වෙත පැමිණි නායක දෙපළ එහි දී සාකච්ඡාවලට එක් වූහ.

සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද නායක දෙපළ එක් වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *