27 April 2024
#ව්‍යාපාර

ඉරානයට තේ අපනයනය කිරීමේ නව ක්‍රියාවලිය පිළිබද සාකච්ඡාවක්

ඉරානයෙන් ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ඉරානයට ගෙවීමට ඇති මුදල් තේ අපනයනය හරහා පියවීමට සියලු පාර්ශවයන් එකඟ වූ අතර ලබන අගෝස්තු මස අවසන් වීමට පෙර මෙම නව ක්‍රමය යටතේ ඉරානයට සිලෝන් ටී අපනයනය කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

ඒ, ඉරානයට ඇමෙරිකාව පනවා ඇති සම්බාධක හේතුවෙන් සීමා වී තිබූ ඉරානයට තේ අපනයනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම පිළිබද සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (25) දා සිදු වු අවස්ථාවේදිය.

එම අවස්ථාවට මහා මාර්ග හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම්තුමා, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, තේ අපනයනකරුවන් ,ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිළධාරීන් සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *