කටාර් රාජ්යයට එල්ල වන ඉරාන ප්රහාර නැවැත්වීම සඳහා මුදල් ගෙවීමට ඉරානය සමඟ සාකච්ඡා පවත්වන බවට පළ වන වාර්තා සත්යයෙන් තොර බව කටාර් විදේශ අමාත්යාංශය අද නිවේදනය කළේය. කටාර් විදේශ අමාත්යාංශ ප්රකාශක මාජෙඩ් අල්-අන්සාරි මාධ්ය හමුවකදී අවධාරණය කළේ, එවැනි කිසිදු සාකච්ඡාවක් ඉරානය සමඟ පවත්වා නොමැති බවයි. කටාර් රාජ්යය දැනට පකිස්ථානය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඉහළ මට්ටමේ සම්බන්ධීකරණයකින් කටයුතු කරන බවත්, තමන්ගේ අවශ්යතා සහ ඉල්ලීම් එම නාලිකා හරහා ඉදිරිපත් කරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














