ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් රථ ධාවනය කිරීම දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් පවසයි.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යාම දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බවත්, පවතින පාඩුව දරාගෙන තවදුරටත් බස් රථ ධාවනය කිරීමට හැකියාවක් නොමැති බවත් පෞද්ගලික බස් හිමියන් පෙන්වා දෙයි.සිය මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ යාම නිසා බස් ගාස්තු සංශෝධනයක් අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කරයි.බස් රථ හිමියන් මෙලෙස පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාමේ වක්‍ර බලපෑම සිය ආදායමට දැඩි ලෙස බලපා ඇති පසුබිමක ය.
















