4 May 2024
#දේශීය #පුවත්

උමා ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමට සහාය ලබා දුන් පිරිස සමඟ ඇමැති කාංචන සාකච්ඡාවක්

උමා ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ සහ ඉංජිනේරු සහය සපයන ලැබූ ෆරාබ් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඉරාන බලශක්ති අමාත්‍යංශයේ නිළධාරීන් ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්විණ.

ඒ, ඊයේ (22) දින අමාත්‍ය කාංචන විජේසේකර මහතා සමඟයි. ඒ හෙට දින සිට උමා ඔය ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිතයි.

එමගින් විදුලිබල උත්පාදන වියදම තවදුරටත් අවම කරගැනීමට හැකියාව ලැබෙන අතර මෙම බහුකාර්යය යෝජනා ක්‍රමය විදුලිබල උත්පාදනයට අමතරව දිස්ත්‍රික් තුනක ජනතාවට අවශ්‍ය පානීය ජලය, කෘෂිකර්මාන්තයට සහ වාර්මාර්ග පහසුකම් වලට අවශ්‍ය පහසුකම් සලසන ව්‍යාපෘතියකි.

විවිධ දේශපාලනික බලපෑම් සහ විරෝධතා හේතුවෙන් 2015 වසරේ දෙසැම්බර් මාසයේ වැඩ අවසන් වීමට නියමතව තිබූ මෙම ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වු අතර එමගින් විදුලිබල මණ්ඩලයට සිදුවූ පාඩුව වසරකට රුපියල් බිලියන 9.8කි.

මෙම ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක කරගැනීමට ෆරාබ් සමාගම දැක්වූ දායකත්වයට අමාත්‍යවරයා සිය ස්තුතිය පලකල අතර ඉදිරියේදී සිදු කල හැකි සුදුසු ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *