27 April 2024
#ව්‍යාපාර

කෙසෙල් කෙදි මගින් නිපදවූ රෙදිපිළි එළිදක්වයි

ඉවත දමන කෙසෙල් ගසේ කදෙන් ලබාගන්නා කෙසෙල් තන්තු උපයෝගී කරගනිමින් රෙදිපිළි සහ ඇගළුම් නිෂ්පාදනය කිරීමේ නවෝත්පාදන වැඩසටහන තුළින් නිෂ්පාදනය කරන ලද ඇදුම් එළිදැක්වීම ඊයේ (27) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ඒ, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය(SLITA) මගින් මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශය සමග එක්ව සිදු කර ඇති අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ළදරුවන්ගේ ඇදුම්වල සෞඛයාරක්ෂිත බව සහතික කිරීමේ ‘හොද ඇදුමක්-සුව දිවියක්’ වැඩසටහනට අනුව ළදරු ඇදුම් සදහා ‘ජාතික සෞඛ්‍ය ආරක්ෂක සහතිකය” නමින් රජයෙන් සහතිකයක් ලබාදීමේ වැඩසටහන එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරිණි. ඒ අනුව ඉදිරියේදී ළදරු ඇදුම් සදහා ශ්‍රී ලංකා පේෂකර්ම ඇගළුම් ආයතනයේ අනුමත සලකුණක් පැළදීම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරයා , ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශ ප්‍රධානීන් ඇතුළුව ඇගළුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරීකයින් රැසක් ද සහභාගි වූහ.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *