උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලමින් මේ සතියේ අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට සිසුන්ට මාස 24ක කාලයක් ලැබුණ ද, මෙවර පළමු වරට විභාගයට පෙනී සිටින සිසුන්ට මාස 21කට අඩු කාලයක් ලැබීම අසාධාරණ බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. එමෙන්ම දෙවන හෝ තුන්වන වරට විභාගයට පෙනී සිටින සිසුන්ට දින 178ත් 198ත් අතර කාලයක් ලැබී තිබියදී, මෙවර සිසුන්ට ලැබී ඇත්තේ දින 133ක් පමණක් බව ද ඔහු සඳහන් කළේය.
විභාගය කිසිදු දිනකින් කල් නොදමන බවට රජය නිකුත් කර ඇති නිවේදනය, සිසුන්ගේ බලාපොරොත්තු බිඳ දැමීමක් වන අතර එය අසංවේදී ක්‍රියාවක් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















