වසර 2023 දී ඕස්ට්‍රේලියාවේදී සිය නිවස ගින්නෙන් විනාශ වී යාමේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් ශ්‍රීනාත් මද්දුමගේ මහතා, එම දුෂ්කර මොහොතේ තමන්ට උදව් කළ සැමට ස්තූති කරමින් විශේෂ පිළිරුවක් නිර්මාණය කර ඇත.
2023 වසරේදී ඕස්ට්‍රේලියාවේදී සිය නිවස ගින්නෙන් විනාශ වූ අතර, එදා තමන්ට ඉතිරි වූයේ ඇඳිවත පමණක් බව ඔහු සිහිපත් කරයි
එම අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් රැසක් තමන්ට උදව් කළ බවත්, ‘ෆන්ඩ් රේසර්’ (Fundraiser) වැඩසටහනක් මගින් ආධාර ලබා දුන් බවත් ඔහු පවසයිමේ වන විට තමන් නැවතත් නිවසක් ඉදිකර ඇති බවත්, උදව් කළ සැමට ස්තූති කිරීමේ අරමුණින් නිවසට පැමිණෙන සැමට දැකගත හැකි වන පරිදි විශේෂ පිළිරුවක් ඉදිකර ඇති බවත් ඔහු සඳහන් කරයිඑම පිළිරුවෙහි පවුලේ සාමාජිකයන්ගේ අත් එකිනෙක අල්ලාගෙන සිටින ආකාරය නිරූපණය කර ඇති අතර, තමන්ට ලැබුණු සහයෝගය තවමත් මතක බව පෙන්වා දීමට එය නිර්මාණය කළ බව ඔහු වැඩිදුරටත් පවසා ඇත
















