එළඹෙන එල්නිනෝ කාලගුණ විපර්යාසයට මුහුණ දීම සඳහා මධ්‍යම කඳුකරයේ තේ වතු ආශ්‍රිතව ඇති ඇළ, දොළ, ගංගා සහ පොකුණු ආරක්ෂා කර ගැනීමට රජය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ වතු සමාගම් එක්ව කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව නිදහස් නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. හැටන්හි පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ සුදු අධිරාජ්‍යවාදීන් තේ වගාවේදී ජලය සුරක්ෂිතව තබා ගැනීමට අනුගමනය කළ ක්‍රමවේදයන් යළි හඳුන්වා දෙමින්, වතු කම්කරුවන් සහ ජනතාව දැනුවත් කරමින් මෙම කාලගුණ විපර්යාසයට මුහුණ දීමට කටයුතු කළ යුතු බවයි. තවද ඩෙංගු මර්දන වැඩසටහන් පළාත් පාලන ආයතන හරහා වෙනම ක්‍රියාත්මක විය යුතු අතර, වතු සමාගම්වලට නිසි උපදෙස් ලබාදීම තුළින් මධ්‍යම කඳුකරයේ සිට මුහුදට ගලා බසින ජල පද්ධතිය ආරක්ෂා කරගත හැකි බව ඔහු පැවසීය.
එල්නිනෝ වැනි කාලගුණික තත්ත්වයක් පවතිද්දී, කාසල්රි ජලාශයට ජලය සැපයෙන කෙසෙල්ගමු ඔයේ තෙත්බිම් කලාපයේ මැණික් ගැරීම සඳහා රජය බලපත්‍ර ලබාදීම ජල මූලාශ්‍ර සිඳී යාමේ අවදානමක් ඇති කරන බව ද ඔහු අනතුරු ඇඟවීය. මෙම ව්‍යසනයට මුහුණ දීම සඳහා සියලු පාර්ශ්වයන් එකමුතුව කටයුතු කිරීමේ වැදගත්කම මෛත්‍රී ගුණරත්න මහතා අවධාරණය කළේය.
















