27 April 2024
#දේශීය

ඔක්තෝම්බර්වලදී ජනාධිපතිවරණයක් – ඇමැති නවින් කියයි

මේ වසරේ ඔක්තෝම්බර් වෙද්දී ජනාධිපතිවරණයක් කැඳවන්න අවශ්‍ය බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසරේදී අලුත් විධායක ජනාධිපතිවරයෙක් සිටින යුතු බවයි. ඒ මේ ජනාධිපතිවරයා හෝ වෙනත් අයෙක් වෙන්න පුළුවන් බව ද හෙතෙම පැවසිය.

මැතිවරණ තියන්නේ ව්‍යවස්ථානුකූලව බවත් මේ රටේ අවුරුදු පහෙන් පහට ජනාධිපතිවරණ පැවැත්විය යුතු බව ඔහු අනාවරණ කළේය. අවුරුදු හයෙන් හයට මහ මැතිවරණයක් පැවැත්වෙන අතර මේ රටේ ජනතාවත් පුරුදු වෙලා තියෙනවා ඉතාමත් ඉවසීමෙන් සංයමයෙන් යුක්තව තමාගේ බුද්ධිය පාවිච්චි කරලා ඡන්දය ලබා දෙන්න ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නුවරඑළිය රුවන්එළිය ප්‍රදේශයේ ඉදිකළ බහුකාර්ය ගොඩනැඟිල්ල හා තැපල් කාර්යාලය විවෘත කිරීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතමිනි.

ඒකට නිසි දේශපාලනයක් රටට අවශ්‍ය බවත් යල් පැන ගිය අදහස් මතවාද වෙනස් කළ යුතු බව ද අමාත්‍යවරයා අනාවරණ කළේය.

වෙනසකින් තොරව නවීකරණයක් නොවන බවත් එහෙම නම් අපේ ඔළු ටිකත් අපි ටිකක් අලුත් කරන්න ඕනෑ බවත් අපේ ආකල්ප අපි වෙනස් කරන්න උත්සාහ කරන්න අවශ්‍ය බව ද අමාත්‍ය නවින් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *