ඕස්ට්‍රේලියාව තුළ ක්ෂීරපායියෙකුගෙන් වාර්තා වූ ප්‍රථම H5N1 කුරුළු උණ ආසාදනය එරට බලධාරීන් විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශයක මියගොස් සිටි දිගු නාසයක් සහිත ලොම් සීල් මත්ස්‍යයෙකුගෙන් (fur seal) මෙම මාරාන්තික වෛරසය හඳුනාගෙන ඇත. ඇඩිලේඩ් නගරයට කිලෝමීටර් 310 ක් පමණ දකුණින් පිහිටි බීච්පෝර්ට් වෙරළබඩ ප්‍රදේශයෙන් මෙම සීල් මත්ස්‍යයා සොයාගෙන තිබෙන අතර, මෙම සිදුවීමත් සමඟ සත්ව සෞඛ්‍ය අංශ දැඩි අවධානයකින් යුතුව විමර්ශන පවත්වයි.
















