අද (13) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී, තීරුබදු රහිතව මෙරටට රැගෙන ආ දුම්වැටි 26,600ක් (කාටුන් 133ක්) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කර තිබේ. සැකකරු 40 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ගුවන්තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















