27 April 2024
#දේශීය #පුවත්

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ මත්ස්‍ය ආහාර ධීවර නිෂ්පාදන කාර්යාලයක් විවෘත කෙරේ

දේශීය මත්ස්‍ය ආහාර අපනයනකරුවන්ගේ පහසුව තකා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයෙහි මත්ස්‍ය ආහාර ධීවර නිෂ්පාදන තත්ව පාලන අංශයේ නව කාර්යාල සංකීර්ණයක් පසුගිය (26) දින විවෘත කෙරේ.

මෙම විවෘත කිරිමේ අවස්ථාවට එක් වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේ දේශීය මත්ස්‍ය ආහාර අපනයනකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ඩොලර් ආදායමක් ලැබෙන බවත් එම අවශයතාව ඉටු කිරීමට නිෂ්පාදකයන්ට තත්ව පාලන ප්‍රමිති සහතියක ලබා ගැනීමට අපහසුතා ඇති වීමෙන් ඔවුන්ට ඇති වී තිබූ බාධාවන් ඉවත් කිරීම සදහා මෙම නව කාර්යාලය විවෘත කල බවයි.

මෙය ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බවත් එය නිසියාකාරව ඉටු කිරීම පිළිබදව තමන් ඉමහත් සතුටට පත් වන බවද මෙම කාර්යාලය පැය 24තුලම ක්‍රියාත්මක වන බවද ඒ අනුව අපනයනකරුවන්ට පැව 24පුරා සිය කටයුතු කරගැනීමට හැකියාව පවතින බව හෙතෙම පැවසිය.

මේ සදහා ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමද විශාල සහයෝගයක් ලබා දුන් බවද එම ආයතන වලට සිය ස්තුතිය පිරිනමන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින ලදි.

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ධීවර අමාත්‍යාංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය, අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටින ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *