27 April 2024
#දේශීය

කථානායක නිවේදනය දැක දැක වැඩ භාර ගත් දිනේෂ්ට කිරිඇල්ලගෙන් ඇමතුමක්

ආණ්ඩු පක්ෂයේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ. කථානායකවරයා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීය යුතු බවට නිවේදනයක් කර සිටියේද අද පෙරවරුවේ.

මේ අතර පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතා කියා සිටින්නේ පාර්ලිමේන්තුවේ බහුතරය නොපෙන්වන තුරු පෙර පැවැති ක්‍රමයට අදාළ තනතුරු පිළිගන්නා බවයි.

වැඩ භාර ගත් දිනේෂ් ගුණවර්ධන වෙත ලක්ෂ්මන් කිරිඇල්ල දුරකතන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ සභානායක ධුරය සඳහා පත්වීම වලංගු නොවන බව කථානායකවරයා දැනුම් දී ඇති බවත් ඒ අනුව තනතුරෙහි කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බවයි.

නමුත් දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම සභානායක තනතුරු පිළිබඳ කාථානායකවරයාත් වේතාධාරියාවත් දැනුවත් කිරීම් කළ බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *