27 April 2024
#දේශීය

කථානායක විශේෂ බලතල පාවිච්චි කරයිද?…

රටේ ඇති වු දේශපාලන බල පෙරළිය සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනපති හමුවෙන් පසුව කතානායක විශේෂ බලතල පාවිච්චි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊයේ ( 30) දින කතානායකවරයා ප්‍රධානත්වයෙන් පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී කතානායක වරයා පක්ෂ නායකයින් සමග සාකච්චා කර අනතුරුව සදහන් කර ඇත්තේ වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දෙන බවය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය ඇති බව පක්ෂ නායකයින් ලිඛිතව දැනුම් දීමත් සමග මෙම තීරණයට කතානායකවරයා එළඹ ඇති බවද කතානායක නිල නිවසේ ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා රටේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩි පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයකගේ ඉල්ලීම පරිදි කතානායක වරයාට ඇති විශේෂ බලතල වලට අනුව නොවැම්බර් 16 වනදාට පෙර පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කරන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ද යම් යම් වෙනස් කම් සිදුවන අතර කථානායක ධුරය පවා වෙනස් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි.
වත්මන් කථානායකවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නෙකු වන අතර ඔහු එජාපයට පක්ෂග්‍රාහි බව පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉදිරියේදී එය යම් ආකාරය බාධාවක් වනු ඇති බවත් ඒ අනුව වහාම කතානායක ධුරය පවා වෙනස් කළ යුතු බව ඔවුන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *