දීර්ඝ කාලයකින් ප්‍රතිසංස්කරණය කර නොතිබූ කන්තලේ වාන් ඇළ වැව මාර්ගය නවීකරණය කිරීමේ කටයුතු ඊයේ (28) නිල වශයෙන් ආරම්භ කෙරුණි. රුපියල් මිලියන 50ක මූල්‍ය පිරිවැයක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ මීටර් 1200ක මාර්ග කොටසක් සංවර්ධනය කිරීමට නියමිතය.
මෙම මාර්ගය අබලන්ව පැවතීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව සහ පොදු මහජනතාව දෛනිකව මුහුණ දුන් ප්‍රවාහන දුෂ්කරතා රැසකට මෙමගින් ස්ථිර විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදී.












