27 April 2024
#දේශීය

කලින් ආණ්ඩුවේ යහපාලනයක් තිබ්බේ නෑ – මහාචාර්ය විජය කියයි

පසුගිය යහපාලන ආණ්ඩුවේ කොහෙත්ම යහපාලනයක් තිබුණේ නැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විජය කුමාර් පවසයි.

ඒ මහතා අද (08) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මේ ආණ්ඩුවත් මිලිටරි මාවතක ගමන් කරන බවක් අපිට පෙනෙනවා.

එහිදී ඒ මහතා මෙසේ වැඩිදුරටත් මෙසේ පැවසිය” පැත්තකින් ආර්ථිකය කඩා වැටිලා. අනෙක් පැත්තෙන් රටට ඔරොත්තු නොදෙන ව්‍යාපෘති පටන් අරන් ඒවායින් කොමිස් ගහනවා. ඒවායේ බර ජනතාව පිට පටවනවා. පාර්ලිමේන්තුව තුළ ජනමතය නිවැරදිව හා අවංකව නියෝජනය කළ හැකි පිරිසක් තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. ඒ වගකීම තියෙන්නේ ඡන්දදායකයා අතේ. අද කාර්යක්‍ෂමම මන්ත්‍රීවරු ඉන්නේ ජවිපෙ විතරයි. ඔවුන් සමග එකතු වෙලා අපි ජාතික ජන බලවේගය ගොඩනැගුවේ මේ රට මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීමේ අවංකව වුවමනාව නිසා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *