27 April 2024
#ක්‍රීඩා

ක්‍රිකට්වල වංචාව ඉක්මනින් සොයන්න – ක්‍රිඩා ඇමති පොලිස්පතිට දැනුම් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට්හි සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවේ විමර්ශන කටයුතු කඩිනම් කිරීමට ක්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග වල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක් ඉන්දියා (Sony Pictures Network IndiaPvt Ltd ) පුද්ගලික සමාගම සමග 2013.04 .01 දින ඇතිකර ගත් ගිවිසුම්ගත මුදලින් ඇමරිකන් ඩොලර් 5,564,404.50 (50%ක දායකත්වය) මුදල, ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර නොකර මුල්‍ය වංචාවක් සිදු කර ඇති බවට ලැබුණු චෝදනාවක්, පරීක්ෂණය සදහා ශ්‍රී ලංකා පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත 2018.09.10 දින ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී විසින් යොමුකර ඇත.

මේ විමර්ශන කටයුතු තවමත් නිමා වී නොමැති බවට මාධ්‍යයන් හි විවිධ මත පල වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වැරදි මත සමාජ ගත වීම වැලැක්වීම සදහා මෙම මූල්‍ය වංචාව පිළිබදව විමර්ශන කටයුතු කඩිනමින් සිදුකර අවශ්‍ය ඉදිරි නෛතික කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙස පළාත් සභා ,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා විසින් අද (02) දින ලිඛිතව පොලිස්පතිවරයාට දන්වනු ලැබ ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය කියා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *