පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ක්‍රීඩා ශක්ති අරමුදල සඳහා ඇතුළත් කර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 1,500 දක්වා වැඩි කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු සඳහා සංකේතාත්මකව ක්‍රීඩා ශක්ති අරමුදල පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පළාත් මට්ටමේ සංචිතවල සිටින වයස අවුරුදු 18න් පහළ සහ වයස අවුරුදු 15න් පහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉලක්ක කරගනිමින් මෙම අරමුදල් ලබාදීම සිදුකෙරේ.
















