27 April 2024
#දේශීය

කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නෑ – ඇමතිනි තලතා

කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නොමැති බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට නඩු පවරා තිබෙනවා බවත් ඔවුන් පිළිබදව අගමැතිවරයාත් විපක්ෂ නායකවරයාත් සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (04) දින මහනුවර අධිකරණයේ නීතිඥ සංගමය සමග මහනුවරදී පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අදහස් පල කර සිටියේය ” ඉතිං මේ නඩු කටයුතු හැම එකක්ම කල්යමින් තමයි කෙරෙන්නේ. ගරු අධිකරණයේ අභිමතය අනුව නඩු කල්යාම සිදු වෙනවා නමුත් මේ සම්බන්ධ යෙන් ගරු නීතිපතිතුමාත් අපේ ගරු අගමැතිතුමාත් විපක්ෂ නායක සම්බන්ධ මැතිතුමාත් සුමන්දිරම් මන්ත්‍රිතුමාත් මමත් විශේෂ සාකච්ඡාවක් තියලා මේ සම්බන්ධයෙන් අපිට ගන් පුළුවන් ක්‍රියාමාර්ග බලලා අපි ඒ අයව දැනුවත් කරලා තියෙනවා. කිසිම දේශපාලන සිරකරුවෙක් නෑ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත් අඩංගුවට අර ගෙන ඒගොල්ලෝ විසින් වරද කළැයි කියලා භාර ගන්න කොටසක් සම්බන්ධවයි ගමේ නඩු කටයුතු කෙරීගෙන යන්නේ . ඔබතුමාලා සන්තෝෂ වෙන්න එපැයි උද්ඝෝෂණය කිරීමේ අයිතිය අද හිරකාරයින්ටත් තියෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *