27 April 2024
#දේශීය

කුමන්ත්‍රණයකට හවුල් වුණේ නෑ – රෙජිනෝල්ඩ් කුරේ කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්විමට කිසිදු සූදානමක් නොමැති බවත් බවත් ජනාධිපතිවරයාට එරෙහිව පක්ෂය දෙකඩ කිරීම සඳහා කුමන්ත්‍රණයකට තමන් හවුල් නොවු බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

තම නිවසෙහි පසුගිය දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 18 දෙනෙකුගේ කණ්ඩායමක් රැස්වීම ශ‍්‍රී. ල. නි. ප. ය දෙකඩ කිරිමක් කරන බවට පැතිරයන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව අද (04) පැවැති මාධ්‍ය හමුවකදී රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසිය.

ඔහු කියා සිටියේ එම සාකච්ඡාව පැවැත්වීමට තමා විසින් ඉඩ දුන්නේ හොර රහසේ වසන් වී කුමන්ත‍්‍රණයක් කිරීමට නොවන බවයි. එවැනි කුමන්ත‍්‍රණයක් කිරීමට අවශ්‍ය නම් එවන් ස්ථානයක කිසි විටක එම රැස්වීම පැවැත්වීමට තරම් තමා අඳ බාලයෙකු නොවන බව ද පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *