27 April 2024
#සංවර්ධන

කුවේට් රැකියා සදහා යන ශ්‍රමිකයින්ට රක්ෂණ ක්‍රමයක්

කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා 2019.06.03 දින සිට එරට තුළ ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය නිවේදනය කළේ මෙම රක්ෂණාවරණය විදේශ රැකියා ඒජන්සියක් මගින් හෝ ස්වයං මාර්ගයෙන් (Self) කුවේට්හි ගෘහාශ්‍රිත රැකියා සදහා යන ශ්‍රමිකයින් සදහා අනිවාර්ය වන බවයි.

සේවකයා බදවාගනු ලබන එරට හාම්පුතා විසින් Gulf Insurance and Reinsurance (GIRI) රක්ෂණ සමාගම විසින් මෙම රක්ෂණාවරණය ලබාගත යුතුය. මෙමගින් කුවේට් රටේදී ශ්‍රි ලාංකික ශ්‍රමිකයාට සිදුවන පුද්ගල අනතුරු, අසනීප තත්ත්වයන්, නැවත හරවා එවීම් හා මරණය වැනි අවස්ථාවලදී රක්ෂණ ප්‍රතිලාභ හිමි වේ.

ශ්‍රමිකයින් රැකියාව සදහා යාමට පෙර කුවේට් තානාපති කාර්යාලයේදී රැකියා ගිවිසුම අත්සන් කරන විට මෙම රක්ෂණය තිබීම අනිවාර්ය වන අතර, විදේශ රැකියාවට පෙර ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී රැකියා ගිවිසුම සමග මෙම රක්ෂණ ඔප්පුව ඉදිරිපත් කිරීමද අනිවාර්ය වේ.

මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ සියළුම විදේශ ගතවන්නන් දැනට ක්‍රියාත්මක “සහන” රක්ෂණාවරණයට අමතරවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *