27 April 2024
#ක්‍රීඩා

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟය අදින් ආරම්භ වේ

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3 ට එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

මෙවර ලෝක කුසලානයේ ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 4ක ත්‍යාග මුදලක් හිමි වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

අනුශූරයන්ට ඩොලර් මිලියන 2ක ත්‍යාග මුදලක් හිමි වන අතර අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම් දෙකට ඩොලර් අට ලක්ෂයක් හිමි වනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුලි මස 16 වන දා දක්වා දින 46ක් පුරා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය ජූනි මස 1 වනදා නවසීලන්ත කණ්ඩායම සමඟ කාඩිෆ් හිදී පැවැත්වෙනු ඇති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *