• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෝටි 57යි ව්‍යාජ ගිණුම් 8 යි මහනුවර කුඩු වික්ක සඳමාලි කොටුවෙයි !

8 August 2024
in දේශීය, පුවත්
කෝටි 57යි ව්‍යාජ ගිණුම් 8 යි  මහනුවර කුඩු වික්ක සඳමාලි කොටුවෙයි !

මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් අටක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 57ක මුදලක් එම ගිණුම් හරහා ගනුදෙනු කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

මහනුවර බහිරව කන්දේ පිහිටි පොලිස් පරීක්ෂකවරුන්ගේ නිවස්නයේ කාර්යාල කාර්ය සහායකවරයකු වශයෙන් සේවය කළ පුද්ගලයකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු, එම මත්කුඩු ලබාගැනීම සඳහා මුදල් තැන්පත් කළ ගිණුම් අංකය ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එම කාන්තාව කංජිපාණී ඉම්රාන්ගේ කුඩු ජාලයේ සිටින කාන්තාවකගෙන් හෙරොයින් මත්කුඩු මෙරටදී අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් මෙම කාන්තාවගේ ගිණුම්වලට බැරවී ඇති බවට මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනූෂා සඳමාලි නමැති දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව දින පහක රැඳවුම් නියෝග මත සිදුකරන ලද ප්‍රශ්න කිරිම්වලදී ඇය විසින් පවත්වාගෙන ගොස් ඇති බැංකු ගිණුම් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සකස් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ආරම්භ කොට ඇති ගිණුම් මගින් හෙරොයින් මත්කුඩු අලෙවියෙන් ලැබෙන මුදල් එකතු කොට ඇති බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් කාන්තාවගේ හෙරොයින් මත්කුඩු ජාලය සහ ඇය සමග සම්බන්ධ වී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මේ වන විට පූර්ණ විමර්ශනයක් ආරම්භ වී තිබේ.

 

Post Views: 41
Previous Post

පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කරමින් වාස් ඇතුළු 6දෙනාගේ මරණීය දණ්ඩනය යළි තහවුරු කරයි

Next Post

ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා දමිළ පොදු අපේක්ෂකයෙකු

Editor TTV News

Editor TTV News

Next Post
ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා දමිළ පොදු අපේක්ෂකයෙකු

ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා දමිළ පොදු අපේක්ෂකයෙකු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved