27 April 2024
#දේශීය

ගම්පහ – තංගල්ල මේ තැන් වෙත ගියා නම් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට දන්වන්න

වැලිසර නාවික හමුදා කදවුර කේන්ද්‍ර කර ගනිමින් කොවිඩ් 19 වෛරසය බරපතළ ලෙස  ව්‍යාප්තවීමක් සිදුනොවීම කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ ද  විශේෂ අවධානයක් යොමු ව ඇත.

ඒ අනූව මේ වන විට දිස්ත්‍රික්ක රැසක නිවාඩු ගිය  නාවික හමුදා සෙබළුන්ගේ නිවැසියන් සහ සමීපතමයින් නිරෝධායන සඳහා යොමු කිරීමට දිස්ත්‍රික්   වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය ක්‍රියාකාරීන් කටයුතු කරමින් සිටී.

මෙහි දී ගම්පහ ශ්‍රී බෝධි පාර සණස නිවාස සංකීර්ණය ආශ්‍රිතව වෙසෙන ජනතාවගේ දත්ත  එක් කිරීමට ගම්පහ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

එම නිවාස සංකීර්ණය අසල පසුගිය දා  කොවිඩ්  ආතතිය පහ කිරීම වෙනුවෙන්   පවත්වනු ලැබූ සංගීත සංදර්ශනය ට සහභාගි වූ නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇති නිසා ය.

තංගල්ලටත් කොවිඩ් ගියේ වැලිසර කඳවුරෙන් 

තව ද පසුගිය  22 වන දා වැලිසර සිට තංගල්ල දක්වා පිටත්වූ නාවික හමුදා සෙබළුන් නිවාඩු ගිය බස් රථයේ සිටි නිලධාරියකු තංගල්ල බස් නැවතුම් පොළේ ඉහළ මාලයේ ඇති ජංගම දුරකථන වෙළඳසැල දෙකකට ගොස් ඇති බවත් එ බැවින්  22-24 කාලය තුළ එම වෙළෙඳසල් වෙත ගිය පිරිස ඉදිරිපත් වී සෞඛ්‍ය උපදෙස් ලබාගන්නා ලෙස තංගල්ල සෞඛ්‍ය බලධාරීන් දන්වා සිටී.

ෆියුචර් කැෆේ කොමියුනිකේෂන් සහ  බෝගහ වත්ත කොමියුනිකේෂන් යන  ස්ථාන සඳහා ඉහත දිනවල එහෙනම් ඉදිරිපත් වන ලෙස දැනුම් දෙයි.

 සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ විසි දෙවන දා මෙම ස්ථාන වෙත ගිය නාවික හමුදා නිලධාරියාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බව තහවුරුව ඇති බවත්  එබැවින් අනෙක් අය ප්‍රවේශම් වියයුතු බවත් ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *